වයඹ පළාතේ සංචාරක ක්ෂේත්රය නංවාලීමේ අරමුණින් ආරම්භ කරන ලද ‘යාපහුව සංස්කෘතික සංචාරක උරුම කළමනාකරණ ව්යාපෘතියේ’ ප්රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මධ්යම සංස්කෘතික අරමුදලේ යාපහුව කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම වසරේ මැයි මාසයේදී ආරම්භ වූ මෙම ව්යාපෘතියේ මූලික අරමුණ වන්නේ යාපහුව රාජධානියේ පවතින ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමයි. ඒ සමඟම, දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මෙහිදී අවධානය යොමු කෙරිණි.
සංචාරක අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ප්රාදේශීය ප්රජාවගේ සුබසාධනය තිරසාර ලෙස පවත්වාගෙන යාම මෙම ව්යාපෘතියේ තවත් ප්රධාන අරමුණකි. ව්යාපෘතියේ වත්මන් තත්ත්වය සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වරණසූරිය මහතා, නියෝජ්ය අමාත්ය නාමල් සුදර්ශන මහතා, පාර්ලිමේන්තු මන්ත්රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරීන්, මහා සංඝරත්නය සහ අදාළ ආයතනවල නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර