2026 වසරේ රණවිරු සුබසාධක වැඩසටහන් සඳහා වෙන් කරන ලද මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් 2027 වසරේ දී ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය පියවර ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරිය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇති කරගෙන තිබේ. නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
හදහන ලොතරැයි ආදායමින් පෝෂණය වන රණවිරු සේවා අරමුදල හරහා ක්‍රියාත්මක වන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහිදී සමාලෝචනය කර තිබේ. ඒ අනුව 2026 වසරේ සුබසාධනය සඳහා යොදවන ලද රුපියල් මිලියන 198ක මුදල 2027 දී රුපියල් මිලියන 440ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.
නව 2027 වැඩසටහන් යටතේ නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 90ක් ද, මානසික පුනරුත්ථාපනයට මිලියන 1.7ක් ද, ආබාධිත රණවිරුවන්ට ව්‍යායාම උපකරණ ලබා දීමට මිලියන 5ක් ද වෙන් කර ඇත. අතිරේකව දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් 80ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර