උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අතර ප්‍රදේශයට අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළීමක් සිදුව තිබේ. 162/54 සැතපුම් කණුව අසළට මෙම පස් කන්ද කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එම කටයුතු අවසන් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය මත ධාවන කටයුතු සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ‘පොඩි මැණිකේ’ දුම්රිය අද දින බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරිණි.
එමෙන්ම, බදුල්ලේ සිට නානුඔය දක්වා ධාවනය වන සියලුම දුම්රියන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් අද දින ධාවනය නොකරන බවද නානුඔය දුම්රිය ස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය. දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.
AI illustration; not a photograph of the reported event.
