ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම වැටලීම පසුගිය නොවැම්බර් 04 වන දින සිදුකර ඇති අතර, සැකකටයුතු මත්ද්‍රව්‍ය තොගයක් යාත්‍රාවේ තිබී සොයාගෙන තිබේ.
නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ, යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන මලු 10ක් පමණ සොයාගත් බවයි. මේවා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විය හැකි බවට සැක පළ කෙරේ.
අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද (05) උදෑසන තික්කෝවිට ධීවර වරාය වෙත රැගෙන විත් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව සහ අදාළ අංශ විසින් වැඩිදුර නීතිමය පියවර ගනිමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර