අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) 2026 විධායක සැසියට එක්වූවාය.
මෙම සැසියේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල නායකයින් විසින් ගෝලීය ආර්ථික අභියෝග සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබීය. විශේෂයෙන්ම සාමාජික රටවල් අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
පෞද්ගලික අංශයේ දායකත්වය සහ මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මගින් සාධාරණ ගෝලීය ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද නායකයින්ගේ අවධානය යොමු විය. ජාත්‍යන්තර මූල්‍ය සහ වෙළෙඳ පද්ධති අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම තුළින් පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ද මෙහිදී සාකච්ඡා විය.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා අවදානමට ලක්විය හැකි රටවලට සහාය වීම පිණිස දේශගුණික මූල්‍යකරණ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අගමැතිනිය ඇතුළු නායකයින් පෙන්වා දුන්හ.
එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුර සතු කාර්යභාරය අගය කළ නායකයින්, තරුණ ව්‍යවසායකත්වය සහ ඔවුන් සඳහා වන ආර්ථික අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර