දකුණු නාවික විධානයට අයත් ගාල්ල කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි නාවික ඇඟළුම් කම්හලේ 18 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කෙරිණි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පවතින රුධිර සංචිත අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් මෙම සමාජ සත්කාරය දියත් කෙරුණු අතර, ඒ සඳහා දකුණු නාවික විධාන රෝහල ද සිය දායකත්වය ලබා දුන්නේය.
මෙම වැඩසටහන සඳහා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන් දීම සිදු කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ විධායක නිලධාරී කොමාණ්ඩර් ඉරංග ස්වර්ණහංස සහ විධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් මධුක රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර