2027 වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම අයවැය පිළිබඳ විවාද සහ ඡන්ද විමසීම් සඳහා වන කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
අයවැයෙහි දෙවන වර කියවීම පිළිබඳ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20 වන දින දක්වා දින හතක් පුරා පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 20 වන දින පස්වරු 6.00 ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරේ.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වන දින ආරම්භ වන අතර, එය දෙසැම්බර් 14 වන දින දක්වා දින 19ක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. අයවැය තෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වන දින පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය.
විවාද පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙසු දිනවලදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය. මීට අමතරව, පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර