ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සමගාමීව, බිම්ස්ටෙක් මහලේකම් තානාපති ඉන්ද්‍ර මනී පාණ්ඩේ මහතා ප්‍රමුඛ සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවිය.

මෙම හමුව කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී කලාපීය සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර මහජන සෞඛ්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. කලාපීය සෞඛ්‍ය අභියෝගවලට සාමූහිකව මුහුණ දීම මෙම සමුළුවේ මූලික අරමුණ වී තිබේ.

මෙම අවස්ථාව සිහිපත් කරමින් අමාත්‍යවරයා විසින් බිම්ස්ටෙක් මහලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version