අනුරාධපුර – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ඊයේ (10) පෙරවරුවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා තිබේ. අධික වේගය සහ අනාරක්ෂිත ලෙස රිය ධාවනය කිරීම මෙම මාරක අනතුරට ප්‍රධාන හේතුව බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
යාපනයේ සිට අක්කරේපත්තුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කැබිතිගොල්ලෑවේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ තවත් ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එම අවස්ථාවේදී එම මාර්ගයේම ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ද මෙම අනතුරට ලක්වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ තුනෙහිම මගීන් 100කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර, තුවාල ලැබූවන් අනුරාධපුර, රඹෑව සහ මැදවච්චිය රෝහල් වෙත ඇතුළත් කර තිබේ. ඉන් හයදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බස් රථවල සිරවී සිටි මගීන් මුදාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කළහ. අනතුරින් පසු බස් රථයක එන්ජිම ක්‍රියාත්මකව පැවතීම හේතුවෙන්, ඉන්ධන බට විසන්ධි කර එන්ජිම නතර කිරීමට පියවර ගත් බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
අනතුරින් බස් රථ තුනේම රියදුරන්ට බරපතළ තුවාල සිදුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ සහ අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර