කාවන්තිස්ස දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩු කටයුතු මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය නියෝග කර ඇත. මෙම නඩුව පසුගියදා කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම තීරණය ගනු ලැබීය.
අදාළ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ අලි ඇතුන් රජයේ පොදු දේපළ පනත යටතට නොගැනෙන බවයි. කෙසේ වෙතත්, එම තර්කය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, අලි ඇතුන් පොදු දේපළ පනත යටතට ගැනෙන බවත්, එම නිසා සැකකරුවන්ට ඇප ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බවත් අවධාරණය කළාය.
මියගිය කාවන්තිස්ස ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී උදරයේ දකුණු පස තිබී වෙඩි උණ්ඩවලට අදාළ මූනිස්සම් තුනක් සොයාගෙන ඇති බව අධිකරණයට වාර්තා විය. එම මූනිස්සම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර, අත්අඩංගුවට ගත් ගිනි අවි සමඟ සැසඳේද යන්න පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසට ද නියෝග කෙරිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළද, අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ නීතිඥවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අධිකරණයේදී කරුණු දැක්වූහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර