කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සැකකරු මෙම වංචාව සිදු කර ඇත්තේ තමන් හිටපු කැනේඩියානු තානාපතිවරයෙකු ලෙස හඳුන්වා දෙමිනි.
සැකකරු විසින් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 40කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ විදේශගත කරන බවට පොරොන්දු වෙමින් ඔහු මෙම මුදල් ලබාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 10 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී, සැකකරු තවත් මූල්‍ය වංචා කිහිපයක් සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටින අයෙකු බව හෙළි වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර