2023 වසරේ දෙසැම්බර් 30 වන දින රාත්‍රියේ වැලිගම, පැලෑනේ පිහිටි W15 හෝටලයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
සිද්ධියට අදාළව අනාවරණය වී ඇති තොරතුරු අනුව, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් සඳහා වැලිගම ප්‍රදේශයට ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. පසුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලිස් ජංගම මුර සංචාරක රථයේ නිලධාරීන්, ඔවුන් අපරාධකරුවන් යැයි සැක කොට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
මෙම වෙඩි හුවමාරුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන් උපුල් කුමාර මහතා පසුව ජීවිතක්ෂයට පත්විය.
එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූල නොවන බවට චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව, එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇති අතර, ඉදිරියේදී මහාධිකරණය හමුවේ නඩු විභාගය පැවැත්වීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර