එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවති විශේෂ ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබුණි.
පවතින නියඟය පහව ගොස් රටට වැසි ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මෙම පිරිත් සජ්ඣායනාව ආරම්භ කෙරිණි. දින හතක් පුරා අඛණ්ඩව මෙම පිරිත් දේශනාව පැවැත්වීමට නියමිතය.
එල්නිනෝ තත්ත්වය නිසා බලපෑමට ලක්ව ඇති පිරිස් පිළිබඳව රජය මේ වන විටත් දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර