තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජය මහතා විසින් චෙන්නායි නගරය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර ඇත. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, තමිල්නාඩු ක්‍රීඩා සංවර්ධන අධිකාරිය යටතේ නවීන පහසුකම්වලින් සමන්විත ඔලිම්පික් නගරයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම යෝජිත ඔලිම්පික් නගරය තුළ ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ, ක්‍රීඩා විද්‍යා සහ වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උසස් නේවාසික පහසුකම්ද ඇතුළත් වනු ඇත. තමිල්නාඩුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලිවලදී වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
එමෙන්ම, චෙන්නායි නගරයේ මෝටර් රථ ක්‍රීඩා සඳහාම වෙන්වූ විශේෂ නගරයක් ඉදිකිරීමටද රජය සැලසුම් කර තිබේ. එහිදී Formula 1 වැනි ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවන තරග පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත. මෙමගින් දේශීය තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අවස්ථා උදා කර දීම සහ සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික ක්ෂේත්‍ර රැසක් නංවාලීම රජයේ අපේක්ෂාවයි.
ඉන්දියාව තුළ නැවතත් Formula 1 තරගාවලි පැවැත්වීමේ අරමුණින් ඉන්දීය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මීට පෙර විශේෂ කාර්ය සාධක බලකායක්ද පිහිටුවා ඇත. චෙන්නායි නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව ව්‍යාපෘති හරහා කලාපීය වශයෙන් ක්‍රීඩා සහ ආර්ථික සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර