ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව, දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරුණි. වසර 45ක කාලයක් ප්‍රමාණවත් පහසුකම් නොමැතිව පැවති මෙම දුම්රිය ස්ථානය, මගී ජනතාවගේ අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය සඳහා ද ඉතා වැදගත් වේ.
රුපියල් මිලියන 40ක ඇස්තමේන්තුගත වියදමින් සිදු කෙරෙන මෙම නවීකරණ කටයුතු සඳහා මූල්‍ය දායකත්වය CIC Holding PLC ආයතනය විසින් සපයනු ලබයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවීකරණය කෙරෙන දෙවන දුම්රිය ස්ථානය මෙය වන අතර, මීට පෙර කදුරුවෙල දුම්රිය ස්ථානය ද මෙම වැඩසටහන යටතේ සංවර්ධනය කර ජනතා අයිතියට පත් කර ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම හා ගුණාත්මක මට්ටමකට ගෙන ඒම රජයේ අරමුණයි. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය හඳුන්වා දීම හරහා බහුවිධ ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර