ඇට්ලස් ඒන්ජල්-II 2026 (ATLAS ANGEL-II 2026) ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිසක් පසුගිය සැප්තැම්බර් 01 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී නිල හමුවක නිරත විය.
මෙම නියෝජිත පිරිස බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රේස් තෝමස් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් රෙනියා ඩෝවෝල් යන මහත්ම මහත්මීන්ගේ නායකත්වයෙන් යුක්ත විය. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මෙම හමුවේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන) සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය කරන ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය විසින් නියෝජිත පිරිස පිළිගනු ලැබීය.
දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව සහ අභ්‍යාසයේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර