2009 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බරපතළ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව විශේෂ විගණන වාර්තාවක් මගින් තහවුරු කර තිබේ.
පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීමක් මත මෙම විශේෂ විගණනය සිදුකර ඇති අතර, අදාළ පාඩුවට අලාභ, ආදායම් අහිමිවීම් සහ අනවශ්‍ය අතිරේක වියදම් ඇතුළත් බව වාර්තාවේ සඳහන් වේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී විනිවිදභාවය නොමැතිකම සහ නියමිත ප්රමිතීන් අනුගමනය නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
ගල් අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකිවීම නිසා බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් ද විශාල අමතර වියදමක් දරා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ගණනය කර ඇති අමතර වියදම්වල පවා පරස්පරතා පවතින බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම, ගිවිසුම්ගත කොන්දේසි පරිදි ගල් අඟුරු ප්‍රමාණය සහ ගුණාත්මකභාවය නොපැවතීම හේතුවෙන් අය කරගත යුතුව තිබූ දඩ මුදල් පවා නිසි පරිදි අය කරගෙන නොමැත. විශේෂයෙන්ම ලිබර්ටි කොමෝඩිටීස් සමාගමෙන් අය කරගත යුතු වූ රුපියල් මිලියන ගණනක දඩ මුදල් අහිමි වී ඇත්තේ නිසි අධ්‍යයනයකින් තොරව මිල සැකසීමේ කොන්දේසි ඉවත් කිරීම හේතුවෙනි.
මෙම අලාභයන්ට වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර