එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ‘Core Group’ කණ්ඩායම පියවර ගෙන තිබේ. එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටෙනෙග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව නියෝජනය කරමින් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ තානාපතිනි එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසිනි.
එහිදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තක්සේරුව සමබර එකක් බව එම කණ්ඩායම පෙන්වා දී ඇත. පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික හා ස්වාභාවික ආපදා අභියෝග පිළිබඳව ඔවුන් සිය අවධානය යොමු කර තිබේ.
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු බව මෙම කණ්ඩායම අවධාරණය කරයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් අනුමත කිරීම වැනි පියවරයන් සාධනීය ලෙස ඔවුන් අගය කර ඇතත්, වගවීම සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවදුරටත් ජනතා විශ්වාසය ගොඩනැගිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා සඳහන් කළේ, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කරන රටවල් සඳහා අදාළ විධාන අවසන් කිරීමට පැහැදිලි මාර්ගයක් සකස් කළ යුතු බවයි. කිසිදු විධානයක් දින නියමයක් නොමැතිව පවත්වාගෙන නොයා යුතු බවත්, ජාතික ක්‍රියාවලීන් සහ සහයෝගීතාව හරහා ප්‍රගතියක් අත්කර ගන්නා රටවලට එම විධාන ඉවත් කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර