ලාංකේය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වන සරසවිය සිනමා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ ‘සරසවිය’ පුවත්පත ඒකාබද්ධව සංවිධානය කළ මෙම සම්මාන උළෙල “තරුණ සිනමාවේ අරුණෝදය” යන තේමාව යටතේ මෙවර පැවැත්වුණු අතර, නවක අධ්යක්ෂවරුන් 13 දෙනෙකු ලාංකේය සිනමාවට පිවිසීම මෙහිදී විශේෂයෙන් සලකුණු කෙරිණි.
පසුගිය වසර තුළ තිරගත වූ සිංහල සිනමාපට ඇගයීමට ලක් කරමින් තරඟකාරී අංශ 34ක් යටතේ සම්මාන 50කට අධික ප්‍රමාණයක් මෙහිදී ප්රදානය කරන ලදී. එහිදී හොඳම ආකර්ෂණීය චිත්‍රපටය ලෙස ඉලංගෝ රාජ් අධ්‍යක්ෂණය කළ ‘නෙලුම් කුළුණ’ සම්මාන දිනාගත් අතර, තිසර ඉඹුලානගේ ‘මෝඩ තරිඳු’ වැඩිම ආදායම් ලැබූ ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.
මෙම උත්සවයේදී ජීවිතේ එක්වරක් පමණක් හිමිවන සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය හේමසිරි සෙල්ලප්පෙරුම, නීටා ප්‍රනාන්දු, ටී.එම්.ජයරත්න සහ එම්.එම්.අබ්දුල් හග් යන ප්‍රවීණ කලාකරුවන් වෙත පිරිනමන ලදී.
ජනප්‍රිය සහ හොඳම නළුවා ලෙස දමිත් විජේතුංග සහ ප්‍රියන්ත සිරිකුමාර සම්මාන දිනාගත් අතර, ජනප්‍රිය සහ හොඳම නිළිය ලෙස සැන්ඩ්‍රා මැක් සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට සමත් වූවාය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීණ කලාකරුවන් සහ ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර