18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රජය නියෝජනය කරමින් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං විසින් ජනාධිපතිවරයාව පිළිගෙන ඇත.
මෙම සමුළුව හෙට (12) සහ අනිද්දා (13) නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය. සිය ඉන්දීය සංචාරය අතරතුර, ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර BRICS ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන සැසිවාරයට ද එක්වීමට නියමිතය.
BRICS සංවිධානයේ 20 වැනි සංවත්සරය සමරන පසුබිමක පැවැත්වෙන මෙම සමුළුවේදී වෙළෙඳ සහයෝගීතාව, දේශසීමා හරහා ගෙවීම් ක්‍රමවේද, බලශක්ති ආරක්ෂාව සහ වත්මන් භූ දේශපාලනික තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
එමෙන්ම ගෝලීය සැපයුම්දාම ශක්තිමත් කිරීම, ජාතික මුදල් ඒකක භාවිතය ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් වෙළෙඳාම සහ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතය. මීට අමතරව, BRICS නව සංවර්ධන බැංකුව පුළුල් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම ද සමුළුවේ ප්‍රධාන න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර