වසර ගණනාවක් පුරා නොගෙවා පැවති රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීමේ වැඩසටහන පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මෙම වැඩසටහන යටතේ සේවකයින් 303 දෙනෙකු වෙත හිඟ පාරිතෝෂික මුදල් සඳහා අදාළ චෙක්පත් සංකේතාත්මකව ප්රදානය කිරීම සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයින් 164 දෙනෙකුට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයින් 87 දෙනෙකුට සහ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයින් 52 දෙනෙකුට මෙලෙස දීමනා හිමි විය.
රාජ්‍ය වැවිලි ආයතනවල පැවති මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් මෙම දීමනා වසර ගණනාවක් පුරා සේවකයින්ට ලැබී නොතිබිණි. මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මැදිහත්වීමෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.
මෙම හිඟ දීමනා පියවීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 4,506ක මුදලක් වෙන් කර ඇත. ඉන් රුපියල් මිලියන 1,961ක් රාජ්‍ය වැවිලි සංස්ථාවටත්, රුපියල් මිලියන 2,043ක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, රුපියල් මිලියන 503ක් ඇල්කඩුව වැවිලි සමාගම සඳහාත් වෙන් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර