ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කිසිදු ප්රජාවකට තම සංස්කෘතික අනන්‍යතාවය හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිසරයක් නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රධානතම අරමුණක් බවයි.
දේශපාලනමය වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ප්රවණතා සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහා ගනිමින්, නැවතත් මෙරට තුළ ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සැමගේම වගකීමක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබූ බව පැවසූ ජනාධිපතිවරයා, වත්මන් රජයට එරෙහිව දූෂණ වංචා හෝ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි පසුබිමක, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කරගනිමින් රජයට චෝදනා එල්ල කිරීමට උත්සාහ කරන බව ද සඳහන් කළේය.
රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නායකයන්ගේ ඇගයීමට ලක්විය. ඒ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔවුහු මෙහිදී ප්‍රකාශ කළහ.
විශේෂයෙන්ම තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළ සහ දූෂණය තුරන් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද උලමා සභාවේ නියෝජිතයෝ සිය ප්‍රසාදය පළ කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර