ලොව පුරා වෙසෙන ශ්රව්ය බාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගමින්, අද (23) ජාත්යන්තර සංඥා භාෂා දිනය සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, ලොව පුරා ශ්රව්ය බාධිත පුද්ගලයින් මිලියන 70කට ආසන්න පිරිසක් ජීවත් වන අතර, ඔවුන් සන්නිවේදනය සඳහා සංඥා භාෂා 300කට අධික ප්රමාණයක් භාවිතා කරයි.
පළමු වරට 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්රකාශයට පත් කරන ලදී. සන්නිවේදන දුෂ්කරතා හේතුවෙන් කිසිදු පුද්ගලයෙකු සමාජයෙන් හුදෙකලා නොවිය යුතු බව මෙවර ජාත්යන්තර සංඥා භාෂා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පෙන්වා දුන්නේය.
සංඥා භාෂාවට නිසි ගෞරවය සහ පිළිගැනීම ලබා දීම තුළින්, සියලු දෙනාටම සමාන අවස්ථා හිමිවන අන්තර්කරණීය සමාජයක් ගොඩනැගීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර