ඉතාලි පාසල් පද්ධතිය තුළ බුර්කා (burqa) සහ නිකාබ් (niqab) ඇඳුම් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව අගමැතිනි ජෝර්ජියා මෙලෝනි ප්රකාශ කළාය. රෝමයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළ අතර, මෙම පියවර හරහා පාසල් පරිශ්රයන් තුළ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතය සීමා කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම යෝජනාවට සමගාමීව, පන්ති කාමරවල සිටින විදේශීය සිසුන් සංඛ්යාව සීමා කිරීමට ද රජය සැලසුම් කර ඇත. විශේෂයෙන්ම ඉතාලි අධ්යාපන ක්රමයට අනුගත වීමේදී දුෂ්කරතාවලට මුහුණ දෙන විදේශීය සිසුන්ගේ දෙමාපියන් සඳහා ඉතාලි භාෂා පාඩම් අනිවාර්ය කිරීමට ද පියවර ගෙන තිබේ.
“ඉතාලියට පැමිණ තම අනාගතය ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු අපගේ භාෂාව ඉගෙන ගත යුතු අතර, අපගේ සංස්කෘතිය සහ නීතිවලට ගරු කළ යුතුයි,” යනුවෙන් අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය. කෙසේ වෙතත්, මුහුණ ආවරණය නොවන හිජාබය (hijab) සම්බන්ධයෙන් ඇය මෙහිදී අදහස් දක්වා නොමැත.
මෙම නව යෝජනාව නීතියක් බවට පත් කිරීම සඳහා ඉදිරි දින 60ක කාලය තුළ ඉතාලි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය. සංක්රමණික ප්රතිපත්ති සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින මෙලෝනි රජය, අධ්යාපන ක්ෂේත්රයේ මෙම වෙනස්කම් සිදු කරන්නේ රටේ ජාතික අනන්යතාව සහ ඒකාබද්ධතාව තහවුරු කිරීමේ අරමුණින් බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර