තුර්කියේ බටහිර මනිසා පළාතේ පිහිටි වෘත්තීය සහ තාක්ෂණික උසස් පාසලක් අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙම සිදුවීම එරට වේලාවෙන් පෙරවරු 08:00 ට පමණ වාර්තා වී ඇත.
ප්රහාරය එල්ල කිරීමෙන් පසු සැකකරු ප්රදේශයෙන් පළා ගොස් තිබූ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්විය. වාර්තා වන පරිදි, රෝහල් ගත කළ තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව දේශීය මාධ්ය පවසයි.
මූලික තොරතුරු අනුව මෙම ප්රහාරය සිදු කර ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් බව පැවසුවද, බලධාරීන් විසින් එය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ, මෙම සිදුවීම මුළු රටම සහ අධ්යාපන ක්ෂේත්රය දැඩි කම්පනයට පත් කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසලේ සිසුන් ඉලක්ක කර ගනිමින් දඩයම් රයිෆලයක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරුගේ පවුලේ සාමාජිකයන් ද මේ වන විට පරීක්ෂණවලට ලක් කෙරෙමින් පවතින බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර