2025 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් සංවිධානය කරනු ලබන විශේෂ ඇගයීම් වැඩසටහන සැප්තැම්බර් 26 වනදා කිලිනොච්චි දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්රියාත්මක වන මෙම වැඩසටහන මගින් දිවයිනේ සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි සිසුන් 3,000කට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කෙරේ. මෙවර එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් තෝරාගැනීම විශේෂත්වයකි.
මෙම වැඩසටහන යටතේ තෝරාගන්නා සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මුදල් ත්යාගයක් සහ ඇගයීම් සහතික පත්රයක් පිරිනැමීමට නියමිතය. සිසුන්ගේ අධ්යාපන කටයුතු දිරිගැන්වීම සහ ඔවුන්ගේ දක්ෂතා අගය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
අනාගතයේදී මෙම වැඩසටහන පළාත් මට්ටමින් ද ක්රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර