2026 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 147ක දැවැන්ත පරතරයකින් පරාජයට පත් කරමිනි. මෙම ජයග්රහණයත් සමඟ කාන්තා ක්රිකට් ඉතිහාසයේ අඛණ්ඩව දෙවන වරටත් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216ක් රැස් කළේය. එහිදී ස්මෘති මන්දානා පන්දු 45කදී ලකුණු 79ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළ අතර, රිචා ගෝෂ් පන්දු 22කින් ලකුණු 49ක් ලබා ගනිමින් ඉන්දියාව ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියාය.
ලකුණු 217ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණි. නායිකා චමරි අතපත්තු පන්දු 21කින් ලකුණු 29ක් ලබා ගත්තද, සෙසු පිතිකාරිනියන්ට ඉන්දීය දඟ පන්දු යවන්නන් සාර්ථකව පාලනය කිරීමට නොහැකි විය.
ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ශ්රී ලංකා ඉනිම ඕවර 16ක් තුළ නිමාවට පත් විය. ආසියානු කුසලාන තරගාවලියේදී මෙන්ම මෙවරත් අවසන් තරගයට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම, මෙවර රිදී පදක්කමින් සෑහීමට පත්වෙමින් තරගාවලිය අවසන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර