ආබාධ සහිත දරුවන්ගේ සුබසාධනය සහ ඔවුන් සමාජගත කිරීමේ අරමුණින් රජය ක්රියාත්මක කරන “සුරක්ෂා” වැඩසටහනේ දෙවන දිවා සුරැකුම් මධ්යස්ථානය කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල, තෝලංගමුවේදී පසුගියදා විවෘත විය.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්යාංශය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්යාපෘතිය මෙහෙයවනු ලබයි. ආබාධ සහිත දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන් ආරක්ෂිතව මෙම මධ්යස්ථානය වෙත යොමු කරමින්, සිය ආර්ථික කටයුතුවල නිරත වීමට අවස්ථාව සලසා දීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම මධ්යස්ථානයේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 17කට අධික මුදලක් වෙන් කර ඇති අතර, විවෘත කළ දිනයේම දරුවන් 23 දෙනෙකු ලියාපදිංචි කර ඇත. ව්යාපෘතියේ දෙවන අදියර අවසානයේදී දරුවන් 100 දෙනෙකුට පහසුකම් සැලසීමට නියමිතය.
පුහුණු කාර්ය මණ්ඩලයක් සහ රජයේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන මෙම මධ්යස්ථානය මගින් දරුවන්ගේ කුසලතා සංවර්ධනය කෙරේ. මෙම අවස්ථාව සඳහා අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර