හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්ය ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කර ඇත.
ඇය දැනට වෛද්ය ප්රතිකාර සඳහා සිංගප්පූරුවේ රැඳී සිටින බැවින්, නියමිත දිනට පෙනී සිටීමට නොහැකි බව නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී අමතර කාලයක් ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, ලබා දී ඇති දීර්ඝ කළ කාලසීමාව තුළද ඇය පෙනී නොසිටින්නේ නම්, ඇයට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝගයක් ලබා ගැනීමට විමර්ශන අංශ සූදානම් වන බව වාර්තා වේ.
මෙම විමර්ශනය ‘සිරිලිය සවිය’ සංවිධානයට අදාළ මූල්ය ගනුදෙනු පිළිබඳව සිදු කෙරෙන්නකි. විශේෂයෙන්ම රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුත් PET ස්කෑන් යන්ත්රයක් සඳහා ලැබුණු පරිත්යාග මුදලක් එම සංවිධානයේ ගිණුමකට බැර වීම සම්බන්ධයෙන්ද කරුණු විමර්ශනය කෙරේ.
මෙවැනි විදෙස් ගමන් තහනමක් පැනවුවහොත්, ඇය නැවත දිවයිනට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවද දේශපාලන හා නීති ආරංචි මාර්ග සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර