පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ කඩිනම් දුම්රියක් අද (05) අලුයම් කාලයේදී පීලි පැනීමට ලක්ව ඇත.
ගඟොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම නිසා මෙම අනතුර සිදුව ඇති බවට බලධාරීන් අනාවරණය කරයි.
පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මේ වන විට දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර