ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාවට සහ රණවිරුවන්ට ආශිර්වාද ප්රාර්ථනා කිරීමේ අරමුණින් විශේෂ ‘කිරාත්’ දේශනාවක් අද (05) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
මෙම ආගමික වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මවුලවි මොහොමඩ් ලත්ෆාන් සයීඩ්, ෂෙයික් ඒ.බී. රිස්වාන් සහ ෂෙයික් මසුක් සජීර් යන මහත්වරුන් විසින් මෙම විශේෂ දේශනාව පවත්වන ලද අතර, එහිදී රට වෙනුවෙන් කැපවූ රණවිරුවන් සිහිපත් කරමින් ආශිර්වාද එක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර