සාක් (SAARC) කලාපීය පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සඳහා මූල්ය ආකෘතිකරණය (Financial Modeling) පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අද (05) ආරම්භ විය.
මෙම වැඩසටහන ඔක්තෝබර් 07 වන දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා එක්ව සිටියහ.
මෙම වැඩමුළුව සඳහා නේපාලය, පාකිස්ථානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශ්රී ලංකාවේ සිටින මහ කොමසාරිස්වරුන් සහභාගී වූහ. ඉදිරි දිනවලදී සාක් කලාපීය රටවල් නියෝජනය කරන විශේෂ නියෝජිතයින් පිරිසක් ද ඊට එක්වීමට නියමිතය.
පුනර්ජනනීය බලශක්ති ව්යාපෘතිවල මූල්ය ශක්යතාව නිවැරදිව තක්සේරු කිරීම, තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සහ කලාපීය අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වේ.
ශ්රී ලංකාව ඇතුළු කලාපීය රටවල් තම බලශක්ති සංයුතිය තුළ සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය ප්රභවයන්ට වැඩි ඉඩක් ලබාදීමට කටයුතු කරමින් සිටී. මෙවැනි කලාපීය සංවාද මගින් එම බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්ය මූල්යකරණ තීරණ වඩාත් කාර්යක්ෂමව ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර