කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැති ජාත්යන්තර වෘත්තීය සහ අධ්යාපන ප්රදර්ශනයේ (iCEE 2026) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය සහ ජේ.ජේ.එල් ඉන්ටර්නැෂනල් එක්ව සංවිධානය කළ මෙම ප්රදර්ශනය සඳහා ඕස්ට්රේලියාව, නවසීලන්තය සහ චීනය නියෝජනය කරන ප්රමුඛ පෙළේ විශ්වවිද්යාල රැසක් එක්ව සිටිති.
එහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය අවධාරණය කළේ, විශ්වවිද්යාල අධ්යාපනය මෙන්ම වෘත්තීය හා තාක්ෂණික අධ්යාපනයටද සමාන වටිනාකමක් ලබාදෙන අධ්යාපන ක්රමවේදයක් ස්ථාපිත කිරීමට රජය කැපවී සිටින බවයි. කෘතිම බුද්ධිය සහ ඩිජිටල්කරණය හමුවේ වේගයෙන් වෙනස් වන ගෝලීය රැකියා වෙළඳපොළට මුහුණ දිය හැකි තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය.
අනාගත අභියෝග ජය ගැනීමට පමණක් නොව, තමන්ටම අවස්ථාවන් උදාකරගත හැකි තරුණ පරපුරක් බිහිකිරීම රජයේ අරමුණ බවද අග්රාමාත්යවරිය පැවසුවාය. ඒ සඳහා විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය සහ තාක්ෂණික සාක්ෂරතාව අත්යවශ්ය සාධක වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් දැනටමත් විවිධ වැඩසටහන් ක්රියාත්මක කර ඇත. ඒ අනුව, උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දක්වන සිසුන් සඳහා ජාත්යන්තර අත්දැකීම් ලබාගැනීමට විශේෂ මූල්ය ප්රතිපාදන වෙන් කර ඇති අතර, මහපොළ ශිෂ්යාධාර සහ පොලී රහිත ශිෂ්ය ණය යෝජනා ක්රමද පුළුල් කර තිබේ.
රටක සැබෑ ශක්තිය පවතින්නේ භෞතික සම්පත් මත පමණක් නොව, දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් මානව සම්පත මත බව අග්රාමාත්යවරිය සිහිපත් කළාය. මෙම අවස්ථාවට ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞශල්යා ආරියරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර