ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය විසින් 2026/27 ශීත ඍතු ගුවන් ගමන් කාලසටහන යටතේ මෙරටට සිදුකරන ගුවන් ගමන් වාර ප්රමාණය වැඩි කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මීට පෙර සතියකට දෙවරක් ක්රියාත්මක වූ සූරික් – කොළඹ ගුවන් ගමන් වාර ගණන මේ වන විට තුනක් දක්වා ඉහළ නංවා තිබේ.
මෙම නව සේවාවේ පළමු ගුවන් ගමන ඔක්තෝබර් 26 වන දින සූරික් නුවරින් පිටත්වීමට නියමිත අතර, එය ඔක්තෝබර් 27 වන දින ශ්රී ලංකාවට ළඟා වනු ඇත. මෙම ගුවන් ගමන් කාලසටහන 2027 මැයි මාසය දක්වා අඛණ්ඩව ක්රියාත්මක වීමට නියමිතය.
සූරික් සිට කොළඹ බලා පැමිණෙන ගුවන් යානා සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලදීත්, කොළඹ සිට සූරික් බලා ආපසු ගමන් කරන ගුවන් යානා සෑම අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවලදීත් ක්රියාත්මක වනු ඇත.
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා ස්විට්සර්ලන්ත වෙළඳපොළ ඉතා වැදගත් සාධකයක් වන අතර, පසුගිය වසරේදී පමණක් ස්විට්සර්ලන්ත සංචාරකයින් 30,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර