ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ ප්රධාන ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර දරුණු ප්රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල මෙම ප්රහාර එල්ල වූ බව සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා පිළිබඳ සාමාන්ය අධිකාරිය තහවුරු කරයි.
යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අබ්හා ජාත්යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ප්රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇත. මියගිය දෙදෙනා මොරොක්කෝ සහ ඇල්ජීරියානු ජාතිකයින් බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එමෙන්ම රියාද්හි පිහිටි කිං කාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් සුඩාන ජාතිකයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර සෞදි, ඊජිප්තු සහ පාකිස්ථාන ජාතිකයින් වන බව බලධාරීන් පවසයි.
මෙම ප්රහාරවල වගකීම හූති සන්නද්ධ අංශය විසින් භාරගෙන ඇති අතර, රියාද් ගුවන් තොටුපොළ වෙත බැලස්ටික් මිසයිලයක් භාවිත කළ බව ඔවුන් ප්රකාශ කර ඇත. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සිදුවීම දැඩි අවධානයක් දිනාගෙන තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර