ග්රාමීය සංවර්ධනය සඳහා වූ නව්යකරණයන් පිළිබඳ CIRDAP-HARTI ආසියා-පැසිෆික් සමුළුව සහ දැනුම හුවමාරු කර ගැනීමේ සංවාදය කොළඹදී ආරම්භ විය. මෙම සමුළුව ඔක්තෝබර් 07 වනදා සිට 09 වනදා දක්වා පැවැත්වේ.
ගාල්ල මුහුදුබඩ හෝටලයේදී පැවති සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා එක්ව සිටියහ.
ආසියානු සහ පැසිෆික් කලාපීය රටවල් 13ක ප්රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින් සහ නවෝත්පාදකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති. ග්රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය උදෙසා නව ප්රවේශයන් හඳුන්වා දීම මෙම සමුළුවේ ප්රධාන අරමුණයි.
මෙහිදී CIRDAP-REEDS ජාත්යන්තර ග්රාමීය සංවර්ධන නවෝත්පාදන අභියෝගතා තරගාවලියේ ජයග්රාහකයින් 18 දෙනෙකු වෙත සම්මාන ප්රදානය කිරීම අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතින් සිදු කෙරිණි. එසේම, ග්රාමීය සංවර්ධනය පිළිබඳ නව්යකරණයන් ඇතුළත් විශේෂ ප්රකාශනයක් ද මෙහිදී එළිදැක්විණි.
ඩිජිටල් කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ජීවනෝපාය මාර්ග සහ තිරසාර ආහාර සුරක්ෂිතතාව වැනි ක්ෂේත්ර ඔස්සේ ග්රාමීය ප්රජාවන් විසින් සිදුකරන ලද නවෝත්පාදනයන් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර