NDB බැංකුවේ සිදුවූ මූල්ය අක්රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී කරුණු විමසා සිටියේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී බැංකුවේ මූල්ය ප්රකාශනවල පැවති අසාමාන්යතා සහ විගණන ක්රියාවලියේ අඩුපාඩු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
අවසන් විගණන වාර්තාවට අනුව, 2016 අප්රේල් 01 සිට 2026 මාර්තු 31 දක්වා කාලය තුළ සිදුවූ වංචනික ගනුදෙනු හේතුවෙන් බැංකුවට සිදුවූ සමස්ත මූල්ය පාඩුව රුපියල් බිලියන 13.6ක් ලෙස තහවුරු වී ඇත. මීට පෙර වාර්තා වූ රුපියල් බිලියන 13.2ක අගය හා සැසඳීමේදී මෙය රුපියල් බිලියන 0.4ක වැඩිවීමකි.
මෙම වංචාව 2025 වසරට පෙර රුපියල් බිලියන 1.5ක්, 2025 වසර තුළ රුපියල් බිලියන 9.6ක් සහ 2026 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 2.5ක් ලෙස වාර්තා වී ඇත. කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බව විගණන වාර්තාව මගින් තහවුරු කර තිබේ.
බැංකුවේ මූලික බැංකුකරණ පද්ධතියේ සහ ගනුදෙනු අධීක්ෂණ ක්රියාවලියේ පැවති පාලන ව්යුහයන්ගේ අසාර්ථකත්වය මෙම වංචාවට ප්රධාන හේතුවක් වී ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. අභ්යන්තර පාලන ක්රමවේදයන් සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා අවශ්ය නිර්දේශ ද මෙම වාර්තාව මගින් ලබා දී ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මූල්ය පද්ධතිය තුළ වංචා වැළැක්වීම සඳහා LankaPay මගින් මධ්යගත නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්යතාවය ද අවධාරණය කෙරිණි. බැංකු මට්ටමින් ගනුදෙනු අධීක්ෂණය කිරීමේ ක්රමවේදයන් තවදුරටත් දැඩි කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර