මහරගම අපේක්ෂා රෝහලේ මෙහෙයුම් කටයුතු සහ රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් පවත්වා තිබේ. සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී රෝහලේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව අවධානය යොමු කෙරිණි.
රෝහලේ ඉඩකඩ උපරිම ලෙස ප්රයෝජනයට ගනිමින්, මධ්යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහාය ඇතිව නව ප්රධාන සැලසුමක් (Master Plan) සකස් කිරීමේ අවශ්යතාව නියෝජ්ය අමාත්යවරයා විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම, ඉදිකෙරෙමින් පවතින නව ළමා වාට්ටු සංකීර්ණය සහ සායනික ගොඩනැගිලිවල වැඩ කටයුතු කඩිනම් කිරීමට ද තීරණය විය.
රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා විකිරණ ප්රතිකාර අංශයේ සේවා පුළුල් කිරීම සහ CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. ආසියානු සංවර්ධන බැංකුවේ ව්යාපෘතිය යටතේ ලැබීමට නියමිත නව LINAC යන්ත්ර ස්ථාපනය කිරීමට අවශ්ය බංකර් ඉදිකිරීම් කඩිනම් කිරීමට ද උපදෙස් ලබා දී ඇත.
රෝහලේ ඖෂධ සැපයුම සහ ශල්ය උපකරණ හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා වෛද්ය සැපයුම් අංශය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට තීරණය වී තිබේ. මීට අමතරව, වෛද්ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා රජය විසින් ක්රියාත්මක කරන සැලසුම්සහගත වැඩපිළිවෙළ යටතේ පියවර ගන්නා බව ද සඳහන් විය.
රෝහලේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ අන්තර්ජාල පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ශක්තිමත් කිරීම මගින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීම අරමුණු බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර