ශ්රී ලංකාවේ පාසල් අධ්යාපන පද්ධතියේ ගුණාත්මකභාවය සහ ගුරු වෘත්තියේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් නව ‘අධ්යාපන සභාවක්’ පිහිටුවීමට පියවර ගෙන ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
පාර්ලිමේන්තුවේදී මන්ත්රී පද්මසිරි බණ්ඩාර මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. මෙම පනත් කෙටුම්පත වසරක් ඇතුළත සම්පාදනය කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා අවශ්ය කැබිනට් අනුමැතිය දැනටමත් ලබාගෙන ඇත.
මෙම අධ්යාපන සභාව හරහා පූර්ව ළමාවිය, ප්රාථමික සහ ද්විතීයික අධ්යාපන ක්ෂේත්රවල නියුතු ගුරුවරුන් සඳහා වෘත්තීය බලපත්ර ක්රමයක් හඳුන්වා දීමට නියමිතය. සුදුසුකම් සපුරාලන ගුරුවරුන් සඳහා පමණක් මෙම බලපත්ර නිකුත් කෙරෙන අතර, එමගින් ගුරු වෘත්තියේ ගෞරවය සහ වෘත්තීයභාවය තහවුරු වනු ඇත.
එමෙන්ම, අධ්යාපන ක්ෂේත්රයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් ප්රමිතිකරණය කිරීමද මෙම සභාවේ ප්රධාන වගකීමක් වනු ඇත. ද්විභාෂා අධ්යාපනය දියුණු කිරීම සහ ජාත්යන්තර මට්ටමේ ගුරු වෘත්තිකයන් බිහි කිරීම සඳහා අවශ්ය උපදෙස් ලබා දීමද මෙහි අරමුණයි.
කෙසේ වෙතත්, මෙම නව අධ්යාපන සභාව උසස් අධ්යාපන ආයතන හෝ විශ්වවිද්යාල පද්ධතියේ කටයුතු නියාමනය කිරීමට මැදිහත් නොවන බවත්, මෙය සම්පූර්ණයෙන්ම සාමාන්ය අධ්යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පමණක් ක්රියාත්මක වන්නක් බවත් අග්රාමාත්යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර