මට්ටක්කුලිය, ෆර්ගියුෂන් පාර ප්රදේශයේදී තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්යම දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ නිලධාරීන් සමත්වී තිබේ.
මෙම වැටලීම සිදුකර ඇත්තේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ (9) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
එහිදී සැකකරු සන්තකයේ තිබී විදේශීය දුම්වැටි 5125ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන පොලොන්නරුව, සුංගාවිල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර