සාහිත්යයට සහ කලාවට මිනිසුන්ගේ හදවත් තුළ ආදරය, ලෙන්ගතුකම සහ සහකම්පනය වර්ධනය කරමින් වඩාත් සුන්දර මිනිසුන් නිර්මාණය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බව වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලීන් හේවගේ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ලේ පැවති “දක්ෂිණ පුනරුද සාහිත්ය කලා මහෝත්සවය” අමතමිනි.
මනුෂ්යත්වය ගිලිහී යන වර්තමාන සමාජය තුළ නැවතත් මානුෂීය ගුණාංග ජීවමාන කිරීම සඳහා සාහිත්යය සහ කලාව සතු කාර්යභාරය අතිමහත් බව නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය. රජයේ අරමුණ වන්නේ දැනුමෙන් පමණක් නොව මානුෂීය ගුණාංගවලින් ද පිරිපුන් සමාජයක් ගොඩනැගීම බවත්, ඒ සඳහා කලාව සහ සංස්කෘතිය සමාජ පරිවර්තනයක මෙවලම් ලෙස භාවිතා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කලාව සහ දේශපාලනය යහපත් සමාජයක් උදෙසා එකිනෙක අනුපූරකව කටයුතු කළ යුතු බවත්, අතීත ශ්රේෂ්ඨ ශිෂ්ටාචාරයක උරුමකරුවන් ලෙස නිර්මාණශීලී සමාජයක් යළි ගොඩනැගීමේ වගකීම අප සතු බවත් හේවගේ මහතා අවධාරණය කළේය.
පසුගිය ඔක්තෝබර් 09 සහ 10 යන දිනවල පැවති මෙම උළෙල, සම්මානනීය ලේඛක චූලානන්ද සමරනායක මහතාගේ ආරාධිත දේශනයෙන් ආරම්භ විය. මෙහිදී සාහිත්ය, කෙටි චිත්රපට, චිත්ර හා මූර්ති ප්රදර්ශන, ජනකලා, නර්තන, සංගීතය සහ වේදිකා නාට්ය ඇතුළු විවිධ කලා අංග රසවිඳීමට මහජනතාවට අවස්ථාව හිමි විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර