රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින නේවාසිකාගාර පහසුකම්වල හිඟයට විසඳුම් ලබාදීම සඳහා 2026 අයවැය හරහා රුපියල් මිලියන 1,500ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී මේ බව ප්රකාශ කළාය.
මෙම ව්යාපෘතිය යටතේ නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට නියමිත අතර, දැනට පවතින නේවාසිකාගාර ප්රතිසංස්කරණය සහ උසස් කිරීම සඳහා අමතරව රුපියල් මිලියන 853ක් වෙන් කර ඇත. දැනට රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ ලියාපදිංචි සිසුන් 150,815 දෙනෙකුගෙන් නේවාසිකාගාර පහසුකම් හිමිව ඇත්තේ 63,318 දෙනෙකුට පමණක් බව අග්රාමාත්යවරිය පෙන්වා දුන්නාය.
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින ආයතනවලට අමතරව අනෙකුත් රාජ්ය විශ්වවිද්යාලවල පවතින නේවාසිකාගාර පහසුකම්වල අසමතුලිතතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම සාගර විශ්වවිද්යාලය, ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලය වැනි ආයතනවල නේවාසිකාගාර පහසුකම් ඉතා සීමිත මට්ටමක පවතින බව ඇය සඳහන් කළාය.
විශ්වවිද්යාල සිසුන් සඳහා විධිමත් නේවාසිකාගාර ප්රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අග්රාමාත්යවරිය පැවසුවාය. එමගින් නේවාසිකාගාරවල විනිවිදභාවය, ආරක්ෂාව සහ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කෙරේ. තවද, පෞද්ගලික නේවාසිකාගාරවල ගුණාත්මකභාවය සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නියාමන මාර්ගෝපදේශ හඳුන්වා දීමට ද පියවර ගනිමින් පවතී.
මීට අමතරව, සාගර විශ්වවිද්යාලය නව පරිශ්රයකට ගෙනයාම සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලය සඳහා සිසුන් 600කට නේවාසික පහසුකම් සහිත බහු මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. මෙම ව්යාපෘති 2027-2029 කාලසීමාව තුළ දේශීය අරමුදල් භාවිතයෙන් ක්රියාත්මක කිරීමට අනුමැතිය අපේක්ෂා කරන බව අග්රාමාත්ය කාර්යාලය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර