මෙරට පැරණිතම රාජ්ය ආයතනයක් වන සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) යළි ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත. පසුගිය සමයේ අක්රීයව පැවති මෙම ආයතනය, ජනතාවට සහන මිලට අත්යවශ්ය භාණ්ඩ ලබා දීමේ අරමුණින් නැවත සක්රීය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සංස්ථාවේ නව ප්රධාන විධායක නිලධාරීවරයා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කිරීම අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (19) සිදු කෙරිණි. කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිද පෙනෙන ක්රමවේදයකට අනුව සුදුසුකම් ලත් නිලධාරීන් මෙහිදී තෝරා ගෙන ඇත.
පසුගිය රජය සමයේ අනිසි කළමනාකරණය සහ වංචා දූෂණ හේතුවෙන් මෙම ආයතනය අක්රීය කර සේවකයින් සේවයෙන් ඉවත් කර තිබුණි. කෙසේ වෙතත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ආයතනයේ වත්කම් හඳුනාගෙන, දේශීය ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගැනීම සහ විදේශීය ආනයන හරහා රට පුරා භාණ්ඩ බෙදා හැරීමේ නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, අසාධාරණයට ලක්ව තිබූ සංස්ථාවේ සේවක සුභසාධන සමිතියේ හිඟ මුදල් ගෙවා අවසන් කිරීමටත්, සේවක තැන්පතු මුදල් නිදහස් කිරීමටත් පියවර ගෙන ඇති බව අමාත්යාංශය පවසයි. මෙම පත්වීම් ප්රදානෝත්සවය සඳහා නියෝජ්ය අමාත්යවරුන්, අමාත්යාංශ ලේකම්වරයා සහ CWE සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර