පරිසර සංරක්ෂණය, සමාජ වගකීම සහ සදාචාරාත්මක ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ‘පිරිසිදු ශ්රී ලංකා’ නමින් නව ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන මෙම වැඩසටහන රට පුරා විහිදුණු පුළුල් පරාසයක ව්යාපෘති රැසක් ආවරණය කරයි.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වන්නේ සමාජය තුළ දයාව, කරුණාව සහ අවංකභාවය වැනි ගුණාංග වර්ධනය කරමින් තිරසාර පරිසරයක් උරුම කරදීමයි. සියලුම අංශවල සහභාගීත්වය තුළින් රට පිරිසිදු හා විනයගරුක ස්ථානයක් බවට පත් කිරීම මෙහි අපේක්ෂාව වේ.
වැඩසටහනේ කටයුතු සම්බන්ධීකරණය සඳහා විශේෂ ‘පිරිසිදු ශ්රී ලංකා ලේකම් කාර්යාලයක්’ ස්ථාපිත කර ඇත. එහි සමස්ත අධීක්ෂණය ජනාධිපති ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් මගින් සිදු කෙරේ.
මෙම කාර්ය සාධක බලකාය විසින් අදාළ ව්යාපෘති සඳහා අවශ්ය මූල්ය සහ පරිපාලනමය මඟපෙන්වීම් ලබා දෙනු ඇත. ජාතික මට්ටමින් ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරියේදී රටේ පාරිසරික තත්ත්වය සහ සමාජීය විනය ඉහළ නංවන ක්රියාමාර්ග රැසක් අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර