මඩකලපුව දිස්ත්රික්කයේ කළුවාංචිකුඩි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුක්කල්මඩම් සිට තේට්ටාතිවු දක්වා වූ ප්රදේශවල වන අලි ගම්වැදීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි බියකින් පසුවන බව වාර්තා වේ.
රාත්රී කාලයේදී ජනාවාස වෙත කඩා වදින වන අලි, නිවාසවල වැටකඩොලු විනාශ කරමින් පලතුරු ගස් සහ වගාබිම්වලට දැඩි හානි සිදුකරන බව ගම්වැසියෝ පවසති. පසුගිය මාසයක පමණ කාලයක සිට මෙම තත්ත්වය උග්ර වී ඇත.
මඩකලපුව කලපුව ආශ්රිත වගුරු වනාන්තරවල රැඳී සිටින වන අලි, මඩකලපුව – කල්මුණේ ප්රධාන මාර්ගය හරහා ගම්මාන වෙත පැමිණෙන බව අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ට සහ රියදුරන්ට ද දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇත.
වන අලි ගම්වැදීම පාලනය කිරීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති. නාගරික සහ ජනාවාස ප්රදේශවලට වන අලි ඇතුළු වීම වැළැක්වීම සඳහා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ප්රදේශවාසීන් අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර