ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ අනුරාධපුරයේ ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවයි.
මෙම ජල කප්පාදුව හේතුවෙන් විජේපුර, පාලඩිගුලම, නෙලුම්කුලම, කවරේකුලම, නච්චදූව, හිදෝගම, තුරුවිල, නෙල්ලිකුලම, තලාව, සිරාවස්තිපුර සහ දෙක්කේ කනුව යන ප්රදේශවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.
එමෙන්ම, අනුරාධපුර නගරයේ දෙවන සහ තුන්වන අදියර ප්රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට ඉඩ ඇති බවද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.
ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කණගාටුව පළ කරන අතර, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර