මිනිස් ජාවාරම් වැනි සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්යවශ්ය බව ජාතික මානව ජාවාරම් මර්දන කාර්ය සාධක බලකාය පවසයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ශ්රී ලංකා නීතිඥ සංගමය සමඟ එක්ව දකුණු පළාතේ නීතිඥවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබුණි.
පසුගිය ඔක්තෝබර් 16 සහ 17 යන දිනවල යාල ජෙට්වින්ග් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විණි. ගාල්ල, හම්බන්තොට, තිස්සමහාරාමය, තංගල්ල සහ මාතර යන ප්රදේශ නියෝජනය කරමින් නීතිඥවරුන් 45කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
මෙහිදී වින්දිතයින් හඳුනා ගැනීම, මිනිස් ජාවාරම් සම්බන්ධ ජාතික නීතිමය රාමුව සහ මෙම අපරාධ වැළැක්වීම සඳහා පෞද්ගලික නීතිඥවරුන්ගෙන් අපේක්ෂා කරන කාර්යභාරය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. ජාතික මානව ජාවාරම් මර්දන කාර්ය සාධක බලකායේ ලේකම් ප්රියංගනී හේවාරත්න මහත්මිය සහ මේජර් සදුන් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙහිදී කරුණු පැහැදිලි කළහ.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සහ ලේකම් නලින් ද සිල්වා මහතා ඇතුළු නීති ක්ෂේත්රයේ ප්රවීණයන් රැසක් සිය අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගැනීම සඳහා එක්ව සිටියහ. වින්දිතයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ සාක්ෂිකරුවන් සඳහා ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර