රජයේ ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහනට සමගාමීව මධ්යම කඳුකරයේ අනතුරුදායක මාර්ග කොටස්වල ආරක්ෂිත වැටවල් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. කඳුකරයේ පවතින දැඩි වංගු සහිත මාර්ග සහ ගැඹුරු ප්රපාත හේතුවෙන් නිරන්තරයෙන් රිය අනතුරු වාර්තා වන අතර, එමගින් සිදුවන ජීවිත හානි අවම කිරීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණයි.
මීට පෙර මාර්ග ප්රතිසංස්කරණය කර තිබුණද, බොහෝ ස්ථානවල ආරක්ෂිත වැටවල් නොමැති වීම නිසා රියදුරන්ට වාහන පාලනය කරගැනීමේ අපහසුතා මතු විය. විශේෂයෙන්ම ප්රතිවිරුද්ධ දිශාවලින් පැමිණෙන වාහනවලට ඉඩ ලබා දීමේදී වාහන මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතවලට පෙරළීමේ අවදානමක් පැවතිණි.
මෙම වැඩසටහනේ එක් පියවරක් ලෙස තලවකැලේ – ඩයගම ප්රධාන මාර්ගයේ ආරක්ෂිත වැටවල් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්රියාත්මක කරන මෙම පියවර හරහා මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිගු කලක සිට ප්රදේශවාසීන් විසින් ඉල්ලා සිටි මෙම ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් ජනතාව සිය සතුට පළ කරති. ඉදිරියේදී කඳුකරයේ අනෙකුත් අනතුරුදායක මාර්ග කොටස්වලද මෙවැනි ආරක්ෂිත වැටවල් ඉදිකිරීම පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර