මෑතකදී සමාජ මාධ්ය ජාලා ඔස්සේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ‘යක්ෂ රාජ වජිරපාණි’ පද්ය නිර්මාණය පිළිබඳව එහි රචක හිමියන් විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ. උන්වහන්සේ පවසන පරිදි, මේ වන විට සමාජගත කර ඇත්තේ සමස්ත නිර්මාණ ව්යාපෘතියේ ආරම්භක අදියරක් පමණක් වන අතර, ඉදිරියේදී තවත් ප්රබල කොටස් පහක් එළිදැක්වීමට සැලසුම් කර ඇත.
මෙම නිර්මාණය බිහිවීමේ පසුබිම පැහැදිලි කරමින් උන්වහන්සේ සඳහන් කළේ, බන්ධනාගාරගතව සිටි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සරසා අධිකරණයට රැගෙන ඒමේ සිදුවීම තමන් තුළ දැඩි සංවේගයක් ඇති කළ බවයි. රට, ජාතිය සහ ශාසනය කෙරෙහි කැපවූ පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙස මෙම පද්ය පංතිය රචනා වූ බව උන්වහන්සේ පෙන්වා දෙති.
නිර්මාණයේ අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා ඇත්තේ, තේරවාදී සහ මහායාන බුදුදහමේ එන ‘වජ්රපාණී’ සංකල්පය මෙයට පාදක කරගත් බවයි. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට උපකාර පිණිස ශක්ර දේවේන්ද්රයා වජ්රපාණී වේශයෙන් පෙනී සිටි සිදුවීම මීට මූලික වූ බව උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළහ.
මෙය ‘වස් කවියක්’ ලෙස හඳුන්වමින් ඇතැම් පාර්ශ්ව නොසන්සුන් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ, එය ඔවුන්ගේම හෘද සාක්ෂියේ පවතින වරදකාරීත්වය ප්රකට කිරීමක් බව ප්රකාශ කළහ. චීවරයට නිගා කරමින් බලයට පැමිණි පාර්ශ්වයන්ට එරෙහිව නැඟුණු සාධාරණ හඬක් මෙහි අන්තර්ගත බව උන්වහන්සේ අවධාරණය කළහ.
එමෙන්ම මෙම නිර්මාණයේ නිෂ්පාදනය පිටුපස සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සිටින්නේ දැයි විමසූ විට, උන්වහන්සේ ඒ පිළිබඳව සෘජු පිළිතුරක් ලබා නොදුන්නද, ඉරාජ්ගේ සබඳතාවක් පවතින බවට ඉඟියක් පළ කළහ. ඉදිරියේදී නිකුත් වීමට නියමිත කොටස් පහ ඔස්සේ සමාජය තුළ විශාල පිබිදීමක් අපේක්ෂා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර