එංගලන්ත කණ්ඩායමට එරෙහිව රාවල්පින්ඩිහිදී පැවති තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම අත්කර ගත් ඓතිහාසික ජයග්රහණය පිළිබඳව හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක කුමාර් සංගක්කාර සිය සතුට පළ කර ඇත. ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් ශ්රී ලංකා පිතිකරුවන් දැක්වූ දක්ෂතාව ඔහු විශේෂයෙන් අගය කර තිබේ.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර සඳහන් කළේ, පවන්, දසුන්, ජනිත් සහ අවිෂ්ක යන ක්රීඩකයන්ගේ සුවිශේෂී දක්ෂතා මෙම ජයග්රහණය සඳහා ඉවහල් වූ බවයි. මෙම ජයග්රහණය සැමරිය යුතු වුවත්, කණ්ඩායම ඉදිරි අභියෝග සඳහා සූදානම් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ක්රියාත්මක කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.
ක්රිකට් බලධාරීන් කණ්ඩායම ඉහළම මට්ටමට ඔසවා තැබීම සඳහා ක්රමානුකූල වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද හිටපු නායකයා වැඩිදුරටත් සිය පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර